katatarasata.com

 

 

බැදපු තුනපහ කුඩු

- සාරා කස්තුරි විසිණි.



බැදපු තුනපහ කුඩු

අවශ්‍ය දේ 

කුළු බඩු ගරා සෝදා වියළා ගන්න. කිසිම විටෙක කුළු බඩු තද අව් රශ්මිය යට බොහෝ වේලා තබා වියළන්න එපා. හොඳින් අව් රශ්මිය එන ආ‌වරණයක් යට තබා තෙත් ගතිය යනතුරැ වියලා ගන්න.

කොත්තමල්ලි කෝප්ප 2 (මිණුම් කප්)
සූදුරැ කෝප්ප 3/4
මහදුරැ මේස හැඳි 8 
මුං ඇ‌ට මේස හැඳි 3
උළු හාල් මේස හැඳි 4
අබ ඇ‌ට මේස හැඳි 3
ගම්මිරිස් මේස හැඳි 6
කරදමුංගු මේස හැඳි 4
කරාබු නැටි මේස හැඳි 2
කරපිංචා කිනිති 10 ක් 12 ක් නටු පිටින්ම
රම්පා අඟල් 6 ක 7 ක කොළයක්
සේර මුල් 3 ක් 
කුරැඳු පොතු කීපයක්
වියළි මිරිස් කරල් 15 ක් පමණ 
ස්ටාර් අනීස් 1 ක් ( තිබේනම් පමණක්)

ඉඩකඩ ඇ‌ති පළල් බඳුනක් ගෙන එය මඳ ගින්දරින් රත් කරගෙන කොත්තමල්ලි ටික දමා ලී පත්තකින් කූරැ ගාමින් දුඹුරැ පැහැයට එනතුරැ බැඳ ගන්න.
එය බන්දේසියක් වැනි දේකට දමා ගන්න.  
මහදුරැ ටික ඒ‌ අයුරින්ම කූරැ ගාමින් බැඳෙන්න හරින්න. එයත් බැඳී සුවද හමන විට ඉවත් කර කොත්තමල්ලි බඳුනටම දමන්න.  
සූදුරැ ඒ‌ පිළිවෙලටම බැද ඉවත් කර ගන්න. 
කුඩා කෑලි කැපූ රම්පා , සිහින්ව කැපූ සේර 
සහ 4 ට 5 ට කඩා ගත් කරපිංචා කිනිති එකට බැද ගෙන ඉවත් කරන්න.  
ඊළගට පිළිවෙලින් උළු හාල්, ගම්මිරිස් ,අබ ඇ‌ට , කරදමුංගු සහ කරාබු නැටි , ස්ටාර් අනීස් මලත් දමමින් ඒ‌ සියල්ල එකවර බැද ගන්න. කුරැඳු සහ 3 ට 4 ට කඩා ගත් වියළි මිරිස් එක් කර මේ සියල්ලම මඳ ගින්දරින් බැද ගන්න.  
රෑපයේ පෙනෙන සියල්ලම මම වරින් වර එක් කරමින් එකටම බැඳ ගත්තා. නමුත් මට මෙතනදි එහෙම කරන්න කියන්න අපහසුයි. වෙන වෙනම එකින් එක නියම පදමට එනතුරැ බැඳ ගන්න උත්සාහ කරන්න පුරැදු වෙනතුරැ. (නුපුරැදු මැණිකෙලා).  
සියල්ල පළල බන්දේසියක අතුරා නිවා ගන්න. ස්ටීල් ආ‌වරණයක් ඇ‌ති ග්‍රයින්ඩරයක නම් මඳක් රස්නය තියෙද්දි සිහින් වනතෙක් කොටා ගන්න පුළුවන්. එයත් වරින් වර ටික ටික. ප්ලාස්ටික් වැනි ආ‌වරණයක් සහිත ග්‍රයින්ඩරයක් නම් නිවා කොටා ගන්න. 
කොටා ගත් පසු බන්දේසියක අතුරා හොඳින් සිසිල් වනතෙක් තබන්න. තුනපහ කුඩු සියල්ලම දැමිය හැකි පියන හොඳින් වැසිය හැකි වීදුරැ බඳුනකට දමා ගන්න. නිතර ප්‍රයෝජනයට ගැනීමට කුඩා වීදුරැ බඳුනක දමා තබන්න. 

කුළු බඩු සඳහා වෙන වෙනම ප්ලාස්ටික් හැඳි ඒ‌ ඒ‌ බෝතල් තුලම තබා ගන්න. එය අපහසු නම් නිතරම වියළි පිරිසිදු හැඳි පාවිච්චි කරන්න.  
මේ තුනපහ මස් , මාළු සදහාත් පිරවුම් සහිත ව්‍යංජන සදහාත් යොදා ගන්න පුලුවන්. 

මාළු මිරිස් පිරවුම
පතෝල 
ගස්ලබු
කරවිල ආදියේදී

සාරා කස්තුරි ගේ වෙනත් කෑම වට්ටෝරු


බැදපු තුනපහ කුඩු
සාරා කස්තුරි

පැණි පොල් ආප්ප
සාරා කස්තුරි

පාන් පීසා රෝල්
සාරා කස්තුරි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 932
දියබත්
By Ishara Sajani Kavinga
Views - 327
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 590
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1035
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 953
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8795
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8429
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8354
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6071
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6059
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'