katatarasata.com

 

 

චිකන් බිරියානී,

- ශෂියා ශෂී විසිණි.



චිකන් බිරියානී ....

*අවශ්‍ය දේවල්..

බාස්මති හාල් 1kg
චිකන් 1kg
මුදවපු කිරි කෝප්ප 1
ළූනු ,සුදුළූණු ,ඉගුරු 
බේ කොල 2ක්
ස්ටාර් ඇනය්ස් 2(star anise)
කරදමුංගු කරාබු නැටි ස්වල්පයක් 
කුරුදු පොතු කැබැල්ලක් 
තුනපහ කුඩු මේසහැදි 1
ගරම් මසාල මේසහැදි 1
ගී ස්වල්පයක් 
කොත්තමල්ලි කොල 

සාදන ක්‍රමය ..
මුලින්ම චිකන් හොදින් සෝදා එයට මුදවපු කිරි,තලාගත් සුදුළූණු ,ඉගුරු ,තුනපහ ,ගරම් මසාල ලුනු දමා හොදින් කලවම් කර පැයක් පමණ තබන්න .....
බාස්මති හාල් සෝදා හාල් කප් ගානටම වතුර තබා විනාඩි 15ක් පෙගෙන්න තියන්න ...
හොදින් වැසිමට පුලුවන් භාජනයක් ගෙන එයට ගීතෙල් දමා රත් වු විට ළූණු ,සුදුළූණු ,ඉගුරු දමා බැදිගෙන එනවිට බේ ලීෆ් ,ස්ටාර් ඇනය්ස් ,කුරුදු ,කරදමුංගු ,කරාබු නැටි දමා බැදගන්න ,එයට කලින් සකසා ගත් චිකන් දමා හොදින් මිශ්‍ර කර විනාඩි 5 පමණ වසා තබන්න ..පසුව හාල් දමා කලවම් කර රස අනුව ලුනු දාන්න .. හොදින් ගින්දර දමා හාල් මට්ටමට වතුර ආවාම ගින්දර හොඳටම අඩු කරලා වසා තියන්න .නිතරම හැදි ගාන්න එපා...බත 80% විතර ඉදුනාම බිරියානී ඩයි වලට වතුර චුට්ටක් .මේසහැදි2 පමණ දාලා හොදින් දියකර බත් එකේ තැනින් තැනට දාලා වසා තබන්න .හැදි ගාන්න එපා...බත් එක තැම්බිලා මදි නම් උඩින් ලන්ච් ශිට් එකක් දාලා වහලා තියන්න ..බත හොඳටම තැම්බුනාම කූරු ගාලා කපාගත් කොත්තමල්ලි කොල හා බැදගත් ළූණු උඩින් දාන්න ..

***රයිතා***(සැලඩ් එක )
පිපිඤ්ඤා ,ළූණු ,කැරට් කොටුවට කපාගන්න එයට රස අනුව ලුනු,ගම්මිරිස් ,මුදවපු කිරි මේසහැදි 2-3ක් ,දෙහි බිංදු දෙක තුනක් දමා මිශ්‍ර කරගන්න ....

ශෂියා ශෂී ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් බිරියානී,
ශෂියා ශෂී

ඌරුමස් බැදුමක්
ශෂියා ශෂී

චොකලට් කේක්
ශෂියා ශෂී

පොලොස් කරිය
ශෂියා ශෂී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7616
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6964
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6140
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5142
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5116
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'