katatarasata.com

 

 

සුදු ළූණු කළු කරිය

- විශ්මි විසිණි.



සුදු ළූණු කළු කරිය | Garlic Curry 

සුදු ළූණු පොඩි බික් සුද්ද කරල ගන්න... ලොකු බික් නම් කපල ගන්න... තෙල් චුට්ටක් ලිපේ තියල ඒකට

අබ
කුරුඳු පොතු කෑල්ලක්
ළූණු 
රම්පෙ කරපිංචා
උළුහාල් ටිකක් 

දාලා තෙම්පරාදු කරන්න... ඒකට කබලේ බැදගත්ත මිරිස් කුඩුයි කළු පහේ ටිකකුයිත් දාගන්න... මිරිස් කබලෙ බදින්න ගිහින් කැස්ස හදාගන්නෙ නැතුව මිරිස් ටිකටම ලුණු කුඩු ටිකක් කලවම් කරල බැදගන්න.... එතකොට සැර අඩුයි...

මේ පහේ තෙම්පරාදුවට සුදු ළූණුත් දාල ටිකක් කලවම් කරන් මිටි කිරි දාලා හොඳට හින්ද ගන්න.... හිඳී ගෙන එන කොට උඩ තෙල් තට්ටුවක් පෑදෙනව පෙනෙයි... මේ තෙල් ටික වලඳ ඇල කරල හැන්දකින් අයින් කරන්න... ඕනවට වඩා තෙල් හොඳ නෑනෙ...

පින්තූරෙ තියෙන පදමට එනකම් හින්දල ගන්න...
මේ කරි එක හරිම රසයි... හදන්නත් ලේසියි... හැබැයි too much of anything is good for nothing කියනවනෙ... රස උනාට ගොඩක් කන්න එපා... එක්කෙනෙක්ට මේස හැන්දක ප්‍රමාණෙ හොදටම ඇති...

විශ්මි ගේ වෙනත් කෑම වට්ටෝරු


සුදු ළූණු කළු කරිය
විශ්මි

පොලොස්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7616
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6964
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6140
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5142
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5116
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'