අමු පහේ කුඩු
- කාංචනා ජයසේකර විසිණි.
~ අමු පහේ කුඩු ~
මේක ඉවුම් පිහුම් පොතකින් හමු උන ඉතාමත් රසවත් අමු පහේ වට්ටෝරුවක් ..කාලයක් තිස්සේ මම අමු පහේ හදා ගන්නෙ මේ විදියට ..ඒ නිසාමයි හදා ගන්න විදිය ඔයාලටත් කියලා දෙන්න හිතුවෙ.
අවශ්‍ය ද්‍රව්‍ය :-
* කොත්තමල්ලි 250 g
* සූදුරු 150 g
* මාදුරු 100 g
* අඟල් දෙකහමාරක් දිග කුරුඳු පොතු කැබැල්ලක් ( පොඩිවට කඩා ගන්න )
* කොල පාට කරඳමුංගු ඇට 20
* කරාඹුනැටි 12
* කරපිංචා කොල කෝප්ප කාලක්
* අඟලක රම්පෙ කෑලි 4
* උළු හාල් ඇට කෝප්ප කාලක්
* ගම්මිරිස් ඇට කෝප්ප කාලක්
* සුදු කැකුළු හාල් කෝප්ප බාගයක්
* තෝර පරිප්පු මේස හැඳි 2
* වියලි මිරිස් කරල් 8
* අබ ඇට තේ හැඳි 2
* අඟලක සේර බඩයක්
සාදන ක්‍රමය :-
* කොත්තමල්ලි , සූදුරු , මාදුරු , අබ, ගම්මිරිස් ,උළු හාල් යන කුළුබඩු සියල්ල හොඳින් ගරා සෝදා දවසක්ම තද අව්වේ වේලා ගන්න .
* දැන් මේ වේලුනු කුළුබඩු ටික ලොකු වට්ටියකට දමා, එයටම ඉතිරි අනෙක් සියළුම දේත් දමා හොඳින් තුනී කර නැවතත් දවසක්ම තද අව්වේ වේලා ගන්න .
* ලොකු කට පළල් බාජනයක් ගෙන , දැන් මේ සියළුම දේ ඒකට දමන්න . විනාඩි දහයක් පමණ මෙහි ඇති අමතර තෙතමනය ඉවත් වන සේ මද ගින්දරේ නොකඩවා හැඳි ගාමින් බැද ගන්න .
* කුළුබඩුවලින් සුවඳ යන්තම් එන විට වහාම ලිපෙන් ඉවතට ගන්න . ඉක්මනින් වෙනත් බඳුනකට මාරු කරන්න .
* හොඳින් නිවෙන්නට හැර ග්‍රයින්ඩරයක දමා කුඩු කර ගන්න .
![]() By Niranjala Fernando Views - 5 |
![]() By Kanchana Jayasekara Views - 635 |
![]() By Wishmi Views - 519 |
![]() By Kanchana Jayasekara Views - 540 |
![]() By Kanchana Jayasekara Views - 311 |
![]() By Indunee Welivita Views - 7616 |
![]() By Shiki Ranasinghe Views - 6964 |
![]() By Ruwanthika Madushani Views - 6140 |
![]() By Dilini Madushika Views - 5142 |
![]() By Chathurani Priyangika Views - 5116 |