katatarasata.com

 

 

අන්නාසි ගැටෝ -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

හාල්පිටි 125g

සීනි 130g

බිත්තර 4 ( ලොකු )

බේකින් පවුඩර් තේ හැදි 1/4

ලුණු තේ හැදි 1/4

වැනිලා තේ හැදි 1

සාදන ක්‍රමය -

1. වතුර ටිකක් උණුකර ගන්න. ඩබල් බොයිල් කිරීම සදහා ..

2. බිත්තර හොදින් ගසාගන්න.

3. බිත්තර වලට සීනි හා ලුණු එක්කර සීනි හොදින් දියවනතුරු ගසාගන්න. විස්ක් එකකින් කලහැක. බීට් නොකරන්න.

4. දැන් ලිප නිවා උණුවතුර එක උඩ බිත්තර මිශ්‍රණය තබා විනාඩි 10ක් පමණ එක දිගටම මිශ්‍ර කරන්න. කැටි නොගැසෙන්න.

රෙසිපි එකේ තියෙන්නේ 110c° උෂ්ණත්වයට මිශ්‍රණය එනතුරු විස්ක් කරන්න කියලා. ඒත් මම හැමෝටම උෂ්ණත්වමාන නැති නිසා විනාඩි 10-15 වගේ වෙන්න හොදට විස්ක් කලා උණුවතුර එක උඩ තියලා. එතකොට මේ මිශ්‍රණය හොදට තද කහ පාටකට හුරුව යන්තමින් උකු ගතියක් එක්ක දියරයක් ලෙස තිබේ.

5. දැන් බිත්තර මිශ්‍රණය ගෙන හොදින් බීට් කරන්න. එය උකු ක්‍රීම් එකක් මෙන් ලැබෙනතුරු, රිබන් ස්ටේජ් එකට එනතුරු බීට් කරන්න ( ෆොටෝ දමා ඇත )

6. දැන් එයට වැනිලා එක්කර ගන්න.

7. පිටි හා බේකින් පවුඩර් එකට හලාගන්න.

8. බිත්තර මිශ්‍රණයට පිටි එක්කර පරිස්සමින් මිශ්‍ර කරන්න. විස්ක් කරන්න , බීට් කරන්න එපා. එවිට මිශ්‍රණයේ ප්‍රමාණය අඩුවේ.

මේ මිශ්‍රණය ක්‍රීම් එකක් මෙනි. ( ෆොටෝ දමා ඇත )

9. සකසා ගත් තැටියට දමා බේක්කර ගන්න.

170c° - විනාඩි 25 30 ක් පමණ ( අවන් අනුව කාලය වෙනස් වියහැක )

* මේ රෙසිපි එකේ ප්‍රමාණය වගේ 1, 1/2 - 2 ක ප්‍රමාණයට හැදුවම හොද උස කේක් එකක් ලබාගත හැක. එවිට ලේයර් 3ක් පහසුවෙන් කපාගත හැක.

***************

##ගැටෝ එක සදහා ..

අවශ්‍ය ද්‍රව්‍ය -

ස්පොන්ජ් කේක් එක

බීට්කර ගත් විප්ක්‍රීම්

ස්ටූ කරගත් අන්නාසි හා අන්නාසි සිරප්

සැරසීමට කජු , චෙරි

සාදන ක්‍රමය -

1. ගැටෝ එක ලේයර්ස් කරගන්න. හාල්පිටි කේක් එක ගොඩක් සොෆ්ට් නිසා කැඩෙන ගතිය වැඩියි . ඒ නිසා පරිස්සමින් කරන්න.

2. යටම ලේයර් එක තබා එය අන්නාසි සිරප් වලින් පොගවා , විප්ක්‍රීම් තවරා, අන්නාසි කැබලි , කජු ඉස ගන්න.

3. දැන් දෙවෙනි ලේයර් එක තබා පෙර ලෙසම කරගන්න.

4. මෙසේ අවශ්‍ය ලේයර්ස් සකසා ගන්න.

5. අවසාන ලේයර් එක තබා උඩින් සිරප් වලින් පොගවා , විප්ක්‍රීම් ස්පොන්ජ් එක පුරාම තවරා අවශ්‍ය ලෙස සරසා ගන්න.

##අන්නාසි ස්ටූ කිරීම -

අන්නාසි පොඩියට කෑලි කපාගන්න. ඒකට රස අනුව සීනි දාලා ලිපේ තියන්න . එතකොට සීනි දියවෙලා අන්නාසි වල දියර එළියට ඇවිත් ටික ටික අන්නාසි ටික ඉවෙනවා. සැරින් සැරේ මේක මිශ්‍රකරන්න. අන්නාසි යුෂ ප්‍රමාණය අඩු වෙලා අන්නාසි පිසුනම ලිපෙන් ඉවත්කර ගන්න.. වතුර දාන්නම එපා. අන්නාසි යුෂයෙන්ම පිසෙන්න දෙන්න. පසුව අන්නාසි යුෂ ඉවත්කර ගන්න.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 32
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 52
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 36
පාන්
By Priyanthi Tissera
Views - 39
පාන්
By Hasintha Madushan
Views - 41
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18800
පෑන් කේක්
By Indunee Welivita
Views - 16101
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16059
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15326
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11548
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'