katatarasata.com

 

 

මොකා ගැටෝ - Mocha Gateau

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



මෝකා ගැටෝ / Mocha Gateau ..

🎂🎂

#කොෆී ස්පොන්ජ් එක සදහා ,

( කැමති අයට කැමති රෙසිපි එකකට හදාගන්න පුළුවන් )

අවශ්‍ය ද්‍රව්‍ය -

* මෙය බිත්තර හා මේදය සහිත ස්පොන්ජ් එකකි..

බටර් 223g

සීනි 223g

බිත්තර 4 ( මධ්‍යම ප්‍රමාණයේ )

බේකින් පවුඩර් තේ හැදි 2

පිටි 223g

කෝපි මේස හැදි 2 ( ක්ෂණික කෝපි දියකර රස අනුව )

ලුණු පිංචක්

සාදන ක්‍රමය -

1. බටර් හා සීනි හොදින් බීට් කරගන්න.

2. එයට බිත්තර එක්කරමින් හොදින් බීට් කරගන්න.

3. එයට හලාගත් බේකින් පවුඩර් හා පිටි මිශ්‍රණය හා ලුණු එකතුකර හොදින් කලවම් කරගන්න.

4. කෝපි එක්කර ගන්න.

5. 180c°- විනාඩි 30 - 35 ක් බේක්කර ගන්න.

** මෙය බටර් කේක් ක්‍රමයට සකසන රෙසිපි එකකි..

🎂🎂

#ෂුගර් සිරප් ( මූලික )..

අවශ්‍ය ද්‍රව්‍ය -

සීනි 175g

වතුර 200g / ml ( කිරලා ගන්න පුළුවන් )

ලික්විඩ් ග්ලූකෝස් 18g

කුරුදු කෑල්ලක්

වැනිලා ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක් හා ලෙලි ( කැමතිනම් පමණක් )

සාදන ක්‍රමය -

1. ලික්විඩ් ග්ලූකෝස් , සීනි හා වතුර උණුකර ගන්න.

2. එය උණු වේගෙන එන විට එයට වැනිලා හැර අනෙක් ද්‍රව්‍ය එක්කර ගන්න.

3. සිරප් එක උණුවන විට ඇතිවෙන පෙණ ඉවත් කරන්න.

4. සිරප් පදමට ආ පසු නිවෙන්නට තබා වැනිලා එක්කර ගන්න.

********************

#මොකා ගැටෝ සිරප් ( Soking liquid )..

අවශ්‍ය ද්‍රව්‍ය -

සාදාගත් ෂුගර් සිරප් 275g / ml ( කිරලා ගන්න පුළුවන් )

නෙස්කැෆේ 4g ( දියකර මේස හැන්දක් පමණ රස බලා ඒ අනුව එක්කර ගන්න )

වතුර 4g ( මේස හැන්දක් පමණ )

බ්‍රැන්ඩි ටිකක් ( රස අනුව )

සාදන ක්‍රමය -

මේ සියල්ල හොදින් මිශ්‍රකර ගන්න ..

🎂🎂

#චොකලට් ගනාශ් / Chocolate ganach ..

අවශ්‍ය ද්‍රව්‍ය -

ඩාර්ක් චොකලට් 100g

කිරි හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් 50g

සාදන ක්‍රමය -

1. කිරි උණුකර ගන්න.

2. එය උණු වෙනවිට චොකලට් එක්කර උණුකරන්න.

3. උකු පදමට එනතුරු හොදින් හැදිගාමින් පිසගන්න.

* මෙය ඩබල් බොයිල් ක්‍රමයට හෝ අඩුම ගින්දරේ ලිපේද සාදාගන්න පුළුවන්.

* ෆ්‍රෙෂ් ක්‍රීම් වලට වඩා ෆ්‍රෙෂ් මිල්ක් වලට ගනාශ් එක උකු වීමට කාලය ටිකක් ගතවේ.

🎂🎂

#කෝපි ඇට සැකසීම..

අවශ්‍ය ද්‍රව්‍ය -

කේක් කුඩු

චොකලට් පවුඩර්

මොකා බටර් ක්‍රීම්

සාදන ක්‍රමය -

1. අවශ්‍ය පමණට කේක් කුඩු ගෙන එයට වර්ණ අනුව චොකලට් කුඩු එක්කර බටර් ක්‍රීම් වලින් අනා අතේ නොඇලෙන පදමට පේස්ට් එකක් සාදාගන්න.

2. දැන් කුඩා බෝල සාදා මැදින් ඉරක් ලකුණු කර කෝපි ඇට සකසා ගන්න.

🎂🎂

#මෝකා බටර් ක්‍රීම් / Mocha butter cream ..

අවශ්‍ය ද්‍රව්‍ය -

*සිරප් එකට,

වතුර 50g / ml ( කිරලා ගන්න පුළුවන් )

සීනි 120g

ලික්විඩ් ග්ලූකෝස් 8g

* අයිසින් එකට,

බිත්තර 120g ( කිරලා ගන්න )

සීනි 50g

බටර් 250g

වැනිලා ස්වල්පයක්

නෙස්කැෆේ 6g

උණුවතුර 6g

චොකලට් ගනාශ් 20g

සාදන ක්‍රමය -

1. සිරප් එක සදහා ඇති දේවල් උණුකර ගන්න. ගොඩාක් උකු නොවෙන්න. ( soft ball stage එකට )

2. අයිසින් එකේ බිත්තර හා සීනි හොදින් ක්‍රීම් කරගන්න.

3. ක්‍රීම් වූ පසු එයට උණුවෙන්ම ෂුගර් සිරප් එක නූලක් ආකාරයට එක්කරමින් බීට් කරගන්න. බිත්තර කැටි නොගැසෙන්න බීට් කරන්න. බිත්තර කැටි වූවොත් මිශ්‍රණයෙන් වැඩක් නැතිවෙනවා.

4. මේ මිශ්‍රණය සිසිල් වනතුරුම එක දිගටම හොදින් බීට් කරන්න. මෙය දියරයකි.

5. හොදින් සිසිල් වූ පසුව එයට ඝන බටර් කැබලි එක්කර හොදින් බීට් කරන්න.

මෙය මුලින්ම දියර ගතියක් ගනී. බීට් වන විට ඉබේම ක්‍රීම් එකක් සෑදේ.

6. හොදින් ක්‍රීම් වූ විට උණු වතුරෙ දියකර ගත් නෙස්කැෆේ හා චොකලට් ගනාශ් එක්කර හොදින් බීට්කර ගන්න.

🎂🎂 🎂🎂 🎂🎂

##මෝකා ගැටෝ එක සැකසීම ..

1. සකසා ගත් ස්පොන්ජ් එක හොදින් සිසිල් වූ පසු ලේයර්ස් දෙකකට වෙන්කර ගන්න.

2. දැන් යට ලේයර් එක තබා එය සකසා ගත් මොකා ෂුගර් සිරප් එකෙන් පොගවා ගන්න.

3. ඒ මත බටර් ක්‍රීම් අතුරා, ඒ උඩ ස්පොන්ජ් ලේයර් එක තබාගන්න.

4. දැන් කේක් එකේ උඩ සම්පූර්ණයෙන්ම සිරප් වලින් පොගවා ගන්න.

5. පසුව කේක් එක සම්පූර්ණයෙන්ම බටර් ක්‍රීම් වලින් ආවරණය කරගන්න.

6. දැන් කේක් එක අතට ගෙන ( කේක් එකේ යටට අත්ල තබා ) කේක් එකේ වටේ ##චොකලට් වර්මසිලි අලවා ගන්න.

7. දැන් කේක් එක කේක් බේස් එකක් මත තබාගන්න.

8. කේක් එකේ ප්‍රමාණය බලා කේක් එක කොටස් වලට ලකුණු කරගන්න. 8, 12ක් වගේ .

9. ස්ටාර් නොසලයකින් කේක් එකේ යට හා කැමතිනම් උඩත් වටේටම බෝඩරයක් දමා අලංකාර කරගන්න.

10. දැන් ලකුණු කල කොටසකට එක බැගින් ස්ටාර් නොසලයෙන් රොසෙට් එක බැගින් දමාගන්න. ( කේක් එකේ ෆොටෝ බලන්න )

11. කේක් එක මැදින්ද රොසෙට් එකක් දමාගන්න.

12. ඒ හැම රොසෙට් එක උඩින්ම සාදාගත් කෝපි ඇටයක් බැගින් තබාගන්න.

** මෙය ශීතකරණයේ හෝ චිලර් එකක තැබීම සුදුසුයි. ප්‍රධානව බටර් ක්‍රීම් එකට බිත්තර එකතු වන නිසා..

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 32
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 52
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 36
පාන්
By Priyanthi Tissera
Views - 39
පාන්
By Hasintha Madushan
Views - 41
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18800
පෑන් කේක්
By Indunee Welivita
Views - 16101
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16059
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15326
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11548
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'