katatarasata.com

 

 

හිඩ්න් හාර්ට් කේක් - Hidden Heart Cake

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

බටර් කේක් මිශ්‍රණයක්

රෝස කලරින්

සාදන ක්‍රමය -

1. මුලින්ම කේක් එක සාදන තැටිය තීරණය කරගෙන ඒකට ගැලපෙන්න හාර්ට් 💖කටර් එකක් තෝරාගන්න.

2. දැන් කේක් එක සාදන තැටියෙ දිගට කොච්චර හාර්ට් 💖 ප්‍රමාණයක් යයිද කියලා බලන්න. ( 2වන ෆොටෝ එකේ වගේ )

3. ඒ වගේ හාර්ට් 💖 ප්‍රමාණයක් කපාගන්න පුළුවන් වෙනත් කේක් තැටියක් අරගෙන ඔයිල් පේපර් දාලා සකසා ගන්න. මතක තබාගන්න කටර් එකේ උසට තමා මේකෙ කේක් එක හැදෙන්න ඕනා. ( 1වන ෆොටෝ එකේ වගේ )

4. දැන් ඒ කේක් එකට අවශ්‍ය ප්‍රමාණයට කේක් මිශ්‍රණය අරගෙන රෝස පාට දාලා කේක් එක සාමාන්‍ය විදියට බේක්කර ගන්න. ( රෝස පාට කේක් මිශ්‍රණයෙන් මේස හැන්දක් දෙකක් වෙනමම තියාගන්න )

5. කේක් එක බේක් වෙනකම් ප්‍රධාන කේක් එක හදන තැටියට තෙල් කඩදාසියක් දාලා, සාමාන්‍ය කේක් මිශ්‍රණයෙන් ටිකක් අඩියට දාගන්න. මෙහිදි හාර්ට් 💖 කටර් එක තියලා බලන්න කේක් එකෙ මැද ප්‍රමාණයට. ඊට පස්සෙ යට පිරෙන්න අවශ්‍ය ප්‍රමාණයට කේක් මිශ්‍රණය දමාගන්න. එය ශීතකරණයේ තබාගන්න.

6. දැන් බේක් වූ කේක් එක යන්තමින් රස්නෙ තියෙනකොට හාර්ට් 💖 කපාගන්න.

7. ශීතකරණයේ තැබූ තැටිය ගෙන කපාගත් හාර්ට්ස් 💖 2වන ෆොටෝ එකේ මෙන් පෝළිමේ කේක් තැටිය මැද තබාගන්න. හාර්ට්ස් 💖 එකිනෙකට මුලින් ඉතුරු කරගත් රෝස පාට මිශ්‍රණයෙන් අලවා ගන්න.

8. දැන් සාමාන්‍ය කේක් මිශ්‍රණය හාර්ට්ස් 💖 වැසෙන්නට දමාගන්න.

9. සාමාන්‍ය ලෙසම කේක් එක බේක්කර ගන්න.

##මෙම කේක් එක සෑදීමේදී,

* හාර්ට්ස් 💖 රැදවීමේදී මමනම් ලේසියට මුනින් අතටයි තියාගන්නෙ. ( 2වන ෆොටෝ එකේ ලෙස ) එතකොට කේක් එක මුනින් අතට හරවා ගත යුතුයි. මේ ක්‍රමය පහසුයි.

* නැත්නම් හාර්ට්ස් 💖 ඒ අතටම පෝළිමේ තබා එය, කේක් මිශ්‍රණය දමා හෝ තැන් දෙක තුනක් ටූත් පික් එකක් මගින් කෙලින් රදවා ගන්න පරිස්සමින්.

* කේක් තැටියේ පළල පැත්තෙනුත් දිග පැත්තෙන් මෙන්ම මුලින්ම සාමාන්‍ය කේක් මිශ්‍රණය දැමිය යුතුයි. ( තැටියේ බිත්තිය හා හාර්ට් 💖 එක අතර )

* තමන්ගෙ කේක් තැටිවල ප්‍රමාණයට කේක් මිශ්‍රණය සාදාගන්න මුලින්ම.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 32
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 51
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 36
පාන්
By Priyanthi Tissera
Views - 39
පාන්
By Hasintha Madushan
Views - 41
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18800
පෑන් කේක්
By Indunee Welivita
Views - 16101
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16059
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15326
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11548
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'