අයිස්ක්‍රීම් කේක් - Ice Cream Cake
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
වැනිලා අයිස්ක්‍රීම්
චොකලට් අයිස්ක්‍රීම්
කජු අවශ්‍ය පමණ (කුඩාවට කපා )
රේසින්ස් අවශ්‍ය පමණට
චොකලට් බෝල
ග්‍රේට් කල චොකලට් - ඩාර්ක් / වයිට්
චොකලට් ගනාශ් - ඩාර්ක් චොකලට් / වයිට් චොකලට්
කුකින් චොකලට් 250g, ෆ්‍රෙෂ් ක්‍රීම් 125ml, කිරි 50ml
** කිරි හා ක්‍රීම් උණුකර එයට චොකලට් එක්කර මිශ්‍රකර හොදින් දියවෙන තුරු ඩබල් බොයිල් කරන්න. මෙය ටිකක් උකුවට ගන්න.
සාදන ක්‍රමය -
1. මුලින්ම කේක් එක හදන්න ගන්න ට්‍රේ එක අරගෙන ක්ලින් රැප් එකක් දාලා ඇතුළත හොදට ආවරණය කරගන්න. පිටතට ක්ලින් රැප් එකේ ඉතුරු තියෙන විදියට දාන්න. මොකද මේ කේක් එක හදලා ඉවර වුනාම ඉතුරු ක්ලින් රැප් කොටස් වලින් උඩ වසාගන්න ඕනා.
ඒ වගේම ට්‍රේ එකට හොදට ක්ලින් රැප් එක දාන්න කියන්නෙ ට්‍රේ එකෙන් කේක් එක ගලවලා අරගන්න පුළුවන් වෙන්නෙ මේ ක්ලින් රැප් එක උඩ කේක් එක තිබුණොත් විතරයි. නැත්නම් තැටියට හයි වෙනවා.
2. දැන් කේක් එකෙන් සාමාන්‍ය ඝනකමට ට්‍රේ එකේ හැඩයට තට්ටු 3ක් කපාගන්න. ලේයර්ස් 3ක්.
මේ ලේයර්ස් 3 නේ උස තීරණය වෙන්න ඕනා අපි ගන්න ට්‍රේ එකේ භාජනයේ උස අනුවයි. මොකද අයිස්ක්‍රීම් තට්ටු 2කුත් කේක් තට්ටු අතරට එන්න ඕනා.
3. දැන් කේක් එකේ එක ලේයර් එකක් ගෙන සාදාගත් තැටියෙ අඩියට දමාගන්න.
4. වැනිලා අයිස්ක්‍රීම් එක ටික වේලාවක් එළියෙ තබා ක්‍රීම් ගතියට ගන්න පුළුවන් ගානට දිය වූ විට ( වතුර වගේ ගන්න එපා ) එයින් කේක් ලේයර් එක උඩට අවශ්‍ය ප්‍රමාණය දමා තුනීකර ගන්න. ඉක්මනින් කරන්න.
5. දැන් ඒ උඩින් පළතුරු ඉස ගන්න.
6. ගොඩක් අයිස්ක්‍රීම් එක දිය ගතියයි නම් නැවත එය අධි ශීතකරණයේ තබාගන්න ටික වේලාවක් අයිස්ක්‍රීම් ටිකක් ඝන වෙනතුරු.
7. දැන් තවත් කේක් ලේයර් එකක් වැනිලා අයිස්ක්‍රීම් ලේයර් එක මත තබා හොදින් සෙට් වීමට ශීතකරණයේ තබාගන්න. (විනාඩි 10ක් පමණ )
8. හොදින් සෙට් වූ කේක් එක ගෙන නැවත චොකලට් අයිස්ක්‍රීම් ලේයර් එකක් දමා පලතුරු ඉසගන්න.
9. පෙර ලෙසම කේක් ලේයර් එකකින් වසා වටේ ඉතුරු ක්ලින් රැප් කොටස් වලින් කේක් එක හොදින් ආවරණය කර අධි ශීතකරණයේ තබාගන්න.
10. කෑමට ගැනීමට පෙර කේක් එක ට්‍රේ එකෙන් ගලවා මුනින් අතට හරවා අවශ්‍ය ට්‍රේ එකේම තබා ක්ලින් රැප් එක ගලවා හොදින් නිවාගත් චොකලට් ගනාශ් වර්ග උඩින් වත්කර ගන්න.
11. චොකලට් බෝල, කජු, රේසින්ස්, ග්‍රේට් කරපු චොකලට් උඩින් දමා සරසා ගන්න.
# මෙය ලංකාවේ උෂ්ණත්වයට ඉක්මනින් දියවෙන්න බලන නිසා සරසා සාදාගත් පසුත් තබා ගැනීමට අවශ්‍යනම් අධි ශීතකරණයේ තබාගන්න.
# කේක් එක ලොකුවට හදනවානම් කේක් තට්ටු 3ට අමතරව කේක් තැටියේ වටේත් කේක් ලේයර් එකක් දමාගත හැක.
# අයිස්ක්‍රීම් වලට පලතුරු වලට අමතරව චොකලට් චිප්ස්, ග්‍රේට් කල චොකලට් මිශ්‍රකර ගන්නත් පුළුවන්.
![]() By Hiru Lahiru Views - 32 |
![]() By Manel Fernando Views - 51 |
![]() By Uresha Uresha Views - 35 |
![]() By Priyanthi Tissera Views - 39 |
![]() By Hasintha Madushan Views - 41 |
![]() By Ruwanthika Madushani Views - 18800 |
![]() By Indunee Welivita Views - 16100 |
![]() By Shiki Ranasinghe Views - 16059 |
![]() By Indunee Welivita Views - 15326 |
![]() By Chathurani Priyangika Views - 11548 |