කැරමෙලියිස් බෙබින්කා කේක් - Caramelized bebinca cake
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
අවශ්‍ය ද්‍රව්‍ය -
උකු පොල්කිරි 240ml ( මම හොදට පොල් ගෙඩියක පොල් ටික වතුර ඉතාමත් පොඩ්ඩක් දාලා බ්ලෙන්ඩ් කරලා මිරිකලා අරගෙන ( දෙපාරක් ) ටික වේලාවක් පැත්තකින් තිබ්බා . එතකොට උකු කිරි උඩට එනවා . ඒ ටික තමා මම ගත්තෙ.. නැත්නම් පොල්කිරි ටින් එකකින් ගන්න පුළුවන් වෙළෙඳපොළේ තියෙන )
සීනි 120g ( කප් 3/4 )
පිටි 175g ( කප් 1, 1/4 )
බිත්තර කහමද 6
බටර් මේස හැදි 4 ( දියකර ) (ගී තමා වැඩිපුර මේ සදහා ගන්නෙ )
ලුණු පිංචක්
සාදික්කා හෝ එනසාල් කුඩු තේ හැදි 1
සීනි 40g ( කැරමල් සදහා )
පොල්කිරි මේස හැදි 2-3
සාදන ක්‍රමය -
1. පොල්කිරි හා සීනි හොදින් බීට් කරගන්න.
2. එයට වරකට එක බැගින් බිත්තර කහමද එක්කරමින් හොදින් බීට් කරගන්න.
3. එයට ලුණු හා බටර් මේස හැදි 1ක් එක්කර හොදින් බීට් කරගන්න.
4. එයට පිටි එක්කර හොදින් මිශ්‍ර වනලෙස බීට් කරගන්න. ( 1 වන රූපය )
5. එම මිශ්‍රණය කොටස් 2කට වෙන්කර ගන්න.
( 2 වන රූපය )
6. කැරමල් සදහා වන සීනි භාජනයකට දමා ලිපතබා කැරමල් කරගන්න. වතුර නොදා.
7. පොල්කිරි මේස හැදි 2-3ක් කැරමල් මිශ්‍රණයට දමා කැරමල් සමග හොදින් මිශ්‍රකර ගන්න.
8. දැන් එක් කේක් මිශ්‍රණයක් ගෙන එයට අවශ්‍ය ප්‍රමාණයට කැරමල් එක්කර වර්ණය ලබාගන්න.
9. අගල් 5×7 කොටු තැටියක් ගෙන එයට ඉතිරි බටර් බ්‍රෂ් එකක් මගින් හොදින් ආලේප කරගන්න.
10. දැන් සුදුපාට මිශ්‍රණය කොටස් 4කට වන ලෙස එක් කොටසක් තැටියට දමාගන්න. ( 3 වන රූපය )
11. 180c° රත්කර ගත් අවන් එකක විනාඩි 10ක් පමණ බේක් කරගන්න. සමහර අවන් වල ඊට වඩා කාලය අඩුවෙයි. ඒ නිසා විනාඩි 6ක් ගියපසු බලන්න.
ටූත් පික් එකක් ගසා බලන්න ..
12. අවන් එකෙන් ගත් පසු ඒ උඩින් හොදින් බටර් බ්‍රෂ් කරගන්න. සාදික්කා හෝ එනසාල් කුඩු ටිකක් ඉසගන්න. තැටිය වටේත් වැදෙන ලෙස බටර් ආලේප කරන්න.
* පලවෙනි ලේයර් එක බේක් වුනාම සමහර වෙලාවට වටේ හිඩසක් ඇතිවේ. ( 4 වන රූපය )
13. දැන් දෙවෙනි ලේයර් එක ඒ උඩින් දමාගන්න . කැරමල් එක්කල කේක් මිශ්‍රණය.
මෙහිදී වටේ හිඩසටත් මිශ්‍රණය යන ලෙස දමාගන්න.
14. දැන් එයත් විනාඩි 5-10 ත් අතර බේක් කරගන්න.
එළියට ගත් විගස බටර් ආලේප කරගන්න. සාදික්කා කුඩු ඉසින්න. ( 5, 6 වන රූප )
15. මෙසේ මාරුවෙන් මාරුවට මිශ්‍රණය දමමින් මුල් පියවර අනුවම කේක් එක සාදාගන්න. ( 7, 8, 9 වන රූප )
16. අවසානයේ උඩින්ද බටර් ටිකක් යාන්තමින් ආලේප කරගන්න.
17. හොදින් නිවෙන්නට හැර කෑලි කපාගන්න.
** අවන් නැති අයට...
1. ඉහත විදියටම පලවෙනි ලේයර් එක භාජනයට දමා ලිපේ මද ගින්දරේ පිසගන්න. වසා..
2. එය අවශ්‍ය ගානට ආ පසු ඉහත විදියටම දෙවෙනි ලේයර් එක දමා උඩින් අගුරු කබලක් පමණක් තබමින් එකින් එක ලේයර්ස් පුළුස්සා ගන්න.
![]() By Hiru Lahiru Views - 31 |
![]() By Manel Fernando Views - 51 |
![]() By Uresha Uresha Views - 35 |
![]() By Priyanthi Tissera Views - 39 |
![]() By Hasintha Madushan Views - 41 |
![]() By Ruwanthika Madushani Views - 18799 |
![]() By Indunee Welivita Views - 16100 |
![]() By Shiki Ranasinghe Views - 16058 |
![]() By Indunee Welivita Views - 15325 |
![]() By Chathurani Priyangika Views - 11547 |