බිස්කට් පුඩින් - biscuits pudding...
- විශ්මි විසිණි.
මේක වැඩි වැඩ නැති සිම්පල් රෙසපියක් හොඳේ.... ඉක්මණට හදන්න ඕන උනාම මම මෙහෙම තමා හදන්නෙ...
පොඩි ප්රමාණයක් හදන හැටි ලියන්නම්...
ටිකිරි මාරි පැකට් දෙකයි
ඇස්ට්රා හෝ බටර් 100
අයිසින් සීනි 200
චොකලට් පව්ඩර් මේස හැන්දක්
බිස්කට් පොඟවන්න කිරි (පිටි කිරි)
උඩින් ඉහගන්න කජු ( මම නම් මේකට දැම්මේ ඩෙසට් ටොපින් පැකට් එකක ඒවා )
මුලින්ම බටර් අයිසින් එක හදගන්න.... අයිසින් සීනි, බටර්,චොකො පව්ඩර් මික්ස් කරල....බිස්කට් ටික කිරි වල පොඟවලා පුඩින් එක හදන බාජනයේ අඩියට අතුර ගන්න ලේයර් එකක්.... ඒකට උඩින් අයිසින් ලේයර් එකක්... කජු ටික චූටියට කපල ටිකක් ඉහ ගන්න... උඩට අමතරව මැදත් කජු හැපෙද්දි රසයි... ඔහොම ඔහොම බිස්කට් ඉවර වෙනකම් දාගෙන අන්තිමටම උඩට අයිසින් ලේයර් එකක් දාල කජු ඉහල වැඩේ ඉවර කරන්න... ෆ්රීසර් එකේ දාන්න පැයක් දෙකක්... එච්චරයි...
මතක තියගන්න බිස්කට් කිරිවල පොඟවලා ගනිද්දි කිරි ටික හොදට බේරලා ගන්න... නැත්නම් දිය ගතියක් එනවා...
බිස්කට් පොඟවපු කිරි හදිසියේ ඉතුරු උනොත් වැඩක් කරන්න... කිරි ටික පෙරාගන්න .. ඒකට තව අයිසින් සීනි ටිකක් දාලා චොකො පව්ඩර් දාලා රත් කරන්න... හොදට උකු වෙන්න ඕනේ හැබැයි... හොදටම නිව්නාම පුඩින් එක උඩින් වක් කර ගන්න...
![]() By Niranjala Fernando Views - 12 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 13 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 21 |
![]() By Ruwanthika Madushani Views - 18362 |
![]() By Shiki Ranasinghe Views - 15689 |
![]() By Indunee Welivita Views - 15591 |
![]() By Indunee Welivita Views - 14854 |
![]() By Chathurani Priyangika Views - 11281 |