katatarasata.com

 

 

සීනි වලින් වටලප්පන් / වටලප්පම්

- ඉන්දුනී වැලිවිට විසිණි.





පිටරටවල ඉන්න අයට කිතුල් හකුරු හොයා ගන්න නෑනේ. ඉතින් දුඹුරු පාට සීනි වලින් වටලප්පන් හදලා බලමු. මුලින්ම කියන්න ඕන සීනි වලින් හැදුවාම ලස්සන දුඹුරු පාටක් එනවා අඩුයි. ඉතින් කවුරුත් එහෙම කන්න ආස නෑනේ. දුඹුරු පාට වර්ණක දැම්මාට හරි යන්නත් නෑ. ඒ නිසා පොඩි tricks ටිකක් දාලා ලස්සන රස වටලප්පන් එකක් හදන්න කියලා දෙන්නම්. මේ විදියට හැදුවාම වටලප්පන් එක හදපු බාජනයේ සංග්‍රහ කරන්නේ නැතිව වෙන දීසියකට අනිත් පැත්ත හරවා දමා ගන්න ඕන. වැදගත්ම දේ තමයි මේක අමුත්තන්ට සංග්‍රහ කරන්න හදන්න කලින් වෙන වෙලාවක හදලා බලන්න. එතකොට අඩුපාඩු වැරදි නිවැරදි කරගන්න පුලුවන්. එහෙනම් හදන්න පටන් ගමු..

 

අවශ්‍ය ද්‍රව්‍ය:
කලු සීනි (dark brown sugar) 225g (මම ගත්තු සීනි වර්ගය photo එකක් දාලා තියෙනවා. ඒක නැතිනම් වෙනත් දුඹුරු පාට සීනි වර්ගයක් ගන්න.)


Black treacle තේ හැඳි 1 (මේකෙන් හකුරු රස ලැබෙනවා. පාටක් ටිකක් වැඩි වෙනවා. ඒත් නොදැම්මට කමක් නෑ)


උකු පොල් කිරි 160ml (ප්‍රෙෂ් මිල්ක් වුණත් කමක් නෑ. විපින් ක්‍රීම් සහ ප්‍රෙෂ් මිල්ක් මිශ්‍රණයක් දැම්මමත් ගොඩක් රසයි)
බිත්තර 4
ලාවට රෝස්ට් කල කජු ටිකක්
සුවඳ කුඩු ටිකක් (එනසාල්, කරදමුංගු, වසාවාසි ටිකක් කුඩු කර ගන්න)

 

කැරමල් වලට:
ඕනෑම පාටක සීනී මේස හැඳි 4 සහ වතුර තේ හැඳි 1 බාජනයක දමා හැඳි ගාන්නේ නැතිව දුඹුරු පාට වන තුරු මඳ ගින්දරේ තබන්න. සීනි දුඹුරු පාට විගෙන එන විට යාන්තමින් හැඳි ගාමින් අවශ්‍ය දුඹුරු පාට වන තුරු තබා ලිපෙන් බා ගන්න. කැරමල් සාදා වටලප්පම දමන බාජනයේ පතුලේ සහ වටේ පතුරුවා ගන්න. මේකෙන් වටලප්පම ලස්සන පැණි දුඹුරු පාටක් වෙනවා.

 

සාදන ක්‍රමය:
1. බාජනයක කිරි සහ සීනි දිය කරන්න. එය පෙරා ගන්න. සමහර සීනි වර්ග වල රොඩු, වැලි කැට තියෙනවා.
2. බිත්තර ටිකත් බීට් කර සීනි කිරි මිශ්‍රණයට එකතු කරගන්න.
3. කජුත් සුවඳ කුඩුත් එයට එකතු කර අවන් එකේ තියන්න පුලුවන් බාජනයක දමා ඇලුමිනියම් ෆොයිල් එකකින් (හෝ බේකින් ෂීට් එකකින් වසා නූලකින් ගැට ගසන්න) වසන්න.
4. මේ බඳුන එයට වඩා ලොකු තැටියක් ඇතුලේ තබා ලොකු තැටියට නටන වතුර අඟල් 1ක් පමණ උසට දමා 200C විනාඩි 40-45 පමණ බේක් කරන්න. උඩින් ලා පාටට තිබුණට බය වෙන්න එපා.
5. වටලප්පම නිවුණු පසු පැය 2 පමණ ශීතතරණයේ තබන්න.
6. වටලප්පම වටෙන් පිහියකින් බුරුල් කර සංග්‍රහ කරන දීසියට අනිත් පැත්ත හරවා දමන්න. දැන් ලස්සන දුඹුරු පාටට තියෙනවා.
මෙය කෑලි කපා සංග්‍රහ කරන්න පුලුවන්. මේ ප්‍රමාණය 6-8 දෙනෙකුට පමණ ප්‍රමාණවත්.

 

 

 

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2863
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1126
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1607
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2821
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2208
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12180
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11179
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11040
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7842
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7698
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'