බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් - Broken glass jelly pudding
- නිශාදිනි තේනුවර විසිණි.
අවශ්‍ය ද්‍රව්‍ය:
පාට හතරකින් ජෙලි ක්‍රිස්ටල්ස්
මිල්ක්මේඩ් කිරි ටින් 1 යි.
ජෙලටින් 30ග්රෑ පැකට් 1 යි
ස්ට්‍රෝබෙරි රසැති ජෙලි පැකට් 1 යි
රාත්තල් 2 කේ කේක් තැටි 1 යි.
ලන්ච් ෂීට් 1 යි..
සාදන ක්‍රමය:
පළමුවෙන්ම පාට හතරේ ජෙලි භාජන 4 කට දමා එකකට උනු වතුර කෝප්ප 1 1/2 බැගින් දමා මුදවා ගන්න. ජෙලටින් උනු වතුර කෝප්ප දෙකකින් දියකර මිල්ක්මේඩ් වලට දමා හොදින් කලවම් කර ගන්න. ස්ට්‍රෝබෙරි ජෙලිත් වෙනම උනු වතුර කෝප්ප 1 1/2 දමා දියකර ගන්න.
කේක් ට්‍රේ එකට ලන්ච් ෂීට් එක දමා කලින් මුදවා ගත් පාට හතරේ ජෙලි පිහියකින් පොඩි කෑලි කපා ට්‍රේ එකට දමා හොදින් පාට මිශ්‍ර වෙන්න කලවම් කර ගන්න.
ඊට උඩින් ජෙලටින් මිශ්‍ර කරගත් මිල්ක්මේඩ් වත්කර ගන්න. ශීතකරනයේ තබා මුදවා ගන්න. මිදුනු පසු උඩින් ස්ට්‍රෝබෙරි රසැති ජෙලි වක්කර නැවත මුදවා ගන්න..හොඳින් මිදුනු පසු ලන්ච් ෂීට් එක පිටිං ගෙන ලෑල්ලක් මත තබා අවශ්‍ය ප්‍රමානයට කෑලි කපා ගන්න.
මම මේකට නම් උඩට දැම්මේ Mixed fruit jelly එකයි...ස්ට්‍රෝබෙරි එකට වඩා තැබිලි පාට අවාම ලස්සනයි වගේ..
![]() By Niranjala Fernando Views - 12 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 13 |
![]() By Niranjala Fernando Views - 14 |
![]() By Niranjala Fernando Views - 21 |
![]() By Ruwanthika Madushani Views - 18362 |
![]() By Shiki Ranasinghe Views - 15689 |
![]() By Indunee Welivita Views - 15591 |
![]() By Indunee Welivita Views - 14855 |
![]() By Chathurani Priyangika Views - 11281 |