katatarasata.com

 

 

බිබික්කම්

- ඉන්දුනී වැලිවිට විසිණි.



අවශ්‍ය දුව්‍ය:
පාන් පිටි 200g (කොප්ප 1 ½)
දුඹුරු සීනි 80-100g (කොප්ප ½ පමණ)
පොල් කොප්ප 1 
කපාගත් කජු, වියලි මිදි, රට ඉඳි 150 g
ලුනු ස්වල්පයක් 
බටර් මේස හැඳි 2 
කිරි කොප්ප ¼-½ පමණ
වතුර කොප්ප ¼
බේකින් පවුඩර් තේ හැඳි 2 ½ 
සුවඳ කුඩු (කරදමුංගු, කරාබු නැටි)

සාදන ක්‍රමය: 
• මුලින්ම පැණි පොල් සාදා ගන්න. සීනි වතුර දමා පැණි සාදා ගෙන එය බුබුලු දමන විට ගාගත් පොල්, සුවඳ කුඩු ටිකක් සහ ලුණු ටිකක් දමා හැදි ගාමින් දියාරු ගතියට පැණි පොල් සාදා ගන්න. මෙය නිවෙන්න තියන්න.


• දැන් පිටි සහ බේකින් පවුඩර් හලා ගෙන එයට කැබලි කපා ගත් පළතුරු සහ පැණි පොල් මිශ්‍ර කරන්න. එයට කිරි දමා මඳක් දියාරු (කේක් පදම වගේ) සාදා ගන්න. 


• මෙය තෙල් කඩදාසියක් දැමූ තැටියක (9”X9”) දමා 180˚C (fan oven 160˚C) රත් වූ oven එකක විනාඩි 30ක් පමණ (ටූත් පික් එකක් ගසා බලා මැද අමු නැති වන තුරු) බේක් කරන්න. 


• මෙයට පොල් සහ පළතුරු දමන ප්‍රමාණ කැමති ලෙස වෙනස් කරන්න පුලුවන්. පළතුරු දාන්න නැති නම් පොල් කෝප්ප 2 දමා සීනි ප්‍රමාණය දෙගුණ නොකර පැණි පොල් හදා ගන්න.
• සීනි ප්‍රමාණයද රස අනුව අඩු වැඩි කරන්න පුලුවනි. සුදු සීනි දමනවා නම් සීනි කැරමල් කර පැණි පොල් හැදුවාම ලස්සන දුඹුරු පාටක් සහ හොඳ සුවඳක් එනවා. පාට තද වෙන්න ඕන නම් කිරි වෙනුවට තද කහට තේ දමන්නත් පුලුවන්.

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3736
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1596
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2347
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3787
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2875
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13730
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12294
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12018
පෑන් කේක්
By Indunee Welivita
Views - 9244
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8724
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'