katatarasata.com

 

 

වට්ටක්කා කලු පොල් ව්‍යංජනය

- ඉන්දුනී වැලිවිට විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
වට්ටක්කා
බැදපු තුනපහ කුඩු
බැදපු මිරිස් කුඩු
ලූණු
සුදු ලූණු
අමු මිරිස්
කරපිංචා
රම්පේ 
අබ ඇට
කුරුඳු පොතු
එනසහල් කරල් 2-3
ලුනු 
පොල් කිරි - දිය කිරි සහ මිටි කිරි (නැති නම් ෆෙෂ් කිරි වුණත් කමක් නෑ)

සාදන ආකාරය:
• වට්ටක්කා ගෙඩිය සෝදා කැබලි කපා ගන්න. ඇට සහ මදය ඉවත් කර සොදන්න. 
• වට්ටක්කා කැබලි වලට බැදපු තුනපහ, මිරිස් කුඩු අතගා ගන්න. 
• හට්ටියක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමා රත් වන විට ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ, කුරුඳු පොතු සහ එනසාල් දමා බැදෙන්න හරින්න. 
• මේවා බැදෙන විට අබ ටිකක් දමා පුපුරුවා ගන්න. 
• දැන් වට්ටක්කා කැබලි දමා විනාඩියක් දෙකක් කවලම් කරන්න. 
• මෙයට අවශ්‍ය තරම් දිය කිරි දමා වට්ටක්කා කැබලි හොඳින් තැම්බෙන තුරු පියන වසා උයන්න. 
• කෑලි තැම්බුන පසුව හාල් පොල් බැද ගත් අඔරා සාදා ගත් කුඩු, මිටි කිරි, රස අනුව බැදපු තුනපහ, බැදපු මිරිස් කුඩු සහ ලුණු දමා හැඳි ගාන්න. 
• උතුරන්න පටන් ගත් විට විනාඩි 2-3කින් බාන්න.

මම හාල් පොල් කුඩු හදන්නේ අපේ අම්මා හදන විදියට. පොල් සහ රතු හාල් වෙන වෙනමම ලා දුඹුරු පාට වෙන තුරු බදිනවා. කරපිංචා කොල කීපයක් කුරුඳු පොතු කෑල්ලකුත් හාල් එක්කම බදිනවා. පොල් ප්‍රමාණය වගේ බාගයක් හාල් ගන්නේ. මම නම් පොල් වෙනුවට ඩෙසිකේටඩ් කොකනට් ගන්නේ. වැඩේ ලේසියිනේ. ඔක්කොම බැදුනාම නිවෙන්න තියලා ග්‍රයින්ඩ් කර ගන්නවා. මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕන නෑ. ඒත් සුවඳ හොඳින් තියා ගන්න නම් වහලා තියන්න ඕන.

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1551
දියබත්
By Ishara Sajani Kavinga
Views - 568
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 922
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1594
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1320
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9585
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9554
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9286
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6637
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6588
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'