katatarasata.com

 

 

කලු දොදොල් - කෙටි ක්‍රමයක්

- ඉන්දුනී වැලිවිට විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
අමු හාල් පිටි 200g
දුඹුරු පාට සීනි 300g (පැණි වුණත් කමක් නෑ. රස අනුව දාන්න)


උකු පොල් කිරි 800ml (ටින් කළ පොල් කිරිත් හොඳයි. ඕන නම් පොල්කිරි 400 ෆ්‍රෙෂ් කිරි 200, වතුර 200 දාන්නත් පුලුවනි. මම එහෙමත් හැදුවා) 
එනසාල් කුඩු ටිකක්
ලුණු සවල්පයක් 
කජු, බැදපු තල ඇට ටිකක් (අවශ්‍ය නම්)


මාගරින් හෝ තෙල් මේස හැඳි 5 පමණ
දුඹුරු ආහාර වර්ණක හෝ black treacle මේස හැඳි 2 (සීනි පාට මදි නම්)

සාදන ක්‍රමය:
• පොල් කිරි, සීනි, හාල් පිටි, ලුණු බාජනයක දමා දිය කර ගන්න. මේ විදියට ඉක්මනින් දොදොල් හදන්න නොන්-ස්ටික් බාජනයක් ඕන. 
• සීනි රස කැමති විදියට අඩු වැඩි කර ගන්න පුලුවන්. 
• දැන් මඳ ගින්දරේ ලිපේ තබා හැඳි ගාන්න. මෙය ඉක්මනින් ඝන වී ගෙන එන නිසා දිගටම හැඳි ගාන්න. 


• මෙය ඝනවී ගුලියක් වගේ වන විට මාගරීන් හෝ තෙල් දමා දිගටම හැඳි ගාන්න. 
• ටික වේලාවකින් බුබුලු වගේ මතු වෙලා තෙල් පෑදෙන්න පටන් ගන්නවා. එතකොට හැඳි ගාමින් හැන්දකින් තෙල් ඉවත් කරන්න. හැඳි 5 වත් ඉවත් කරන්න පුලුවන් නම් හොඳයි. තෙල් අයින් කරන තරමට තමයි දොදොල් හයියට එන්නේ.
• ටික වේලාවකින් මිශ්‍රණය ගුලියක් වගේ වෙනවා. ඒත් බාජනයේ තෙල් බිංදු තියෙනවා පේනවා. පුලුවන් නම් ටිෂු එකකින් හරි රෙදි කෑල්ලකින් හරි තෙල් අයින් කරන්න. තෙල් රත් වෙලා නිසා අත පුච්චා ගන්න එපා.


• මේ අතරම කජු, බැදපු තල ඇට ටිකක් එනසාල් කුඩු දාන්න.
• දුඹුරු ආහාර වර්ණක හෝ black treacle දමන්න. සාමාන්‍යයෙන් දොදොල් හදන විදියට ගොඩක් වෙලා හැඳි ගාන නිසා සීනි කර වෙලා කලු පාට ඉබේම එනවා. ඒත් මේ රෙසිපි එක මම හැදුවේ ඉක්මනින් දොදොල් හදන්න. ඒ නිසා තමයි පාට අඩු වුනොත් දුඹුරු ආහාර වර්ණක දමන්න කීවේ. මම නම් black treacle දැම්මේ.
• තෙල් ඔක්කොම වගේ අයින් වෙලා දොදොල හයිය ගතියට ආවම තැටියකට දමා නිවෙන්න තියන්න. මේ ප්‍රමාණ වලින් හැදුවම විනාඩි 45 විතර ඇතුලත හදලා නිම කරන්න පුලුවනි.


• ලස්සනට කෑලි කපන්න නම් දවසක් විතර තියන්න ඕන. නැතිනම් ශිතකරණයේ තිව්වත් හරි.

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2863
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1126
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1607
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2821
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2208
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12180
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11179
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11040
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7842
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7698
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'