katatarasata.com

 

 

චිකන් කොත්තු රොටී

- මතීෂ චාමර අමරසේකර විසිණි.



අවශ්‍ය දේ:
ගෝදම්බ රොටි / පරාටා / tortilla wraps
සිහින්ව කපා ගත් කැරට් අවශ්‍ය පමණ
සිහින්ව කපා ගත් ලීක්ස් අවශ්‍ය පමණ
සිහින්ව කපා ගත් ගෝවා අවශ්‍ය පමණ
සිහින්ව කපා ගත් රට ලූනු අවශ්‍ය පමණ
තලා ගත් සුදු ලූනු ටිකක්
තලා ගත් සුදු ඉඟුරු ටිකක්
සිහින්ව කපා ගත් අමු මිරිස් 
බිත්තර 1-2
සොයා සෝස් රස අනුව
ඔයිස්ටර් සෝස් රස අනුව
මිරිස් කෑලි රස අනුව
ලුනු රස අනුව
තෙල් අවශ්‍ය පමණ
කටු රහිත කුකුල් මස් හොදි සමග

සාදන ක්‍රමය :-
මුලින්ම ගෝදම්බ රොටි/පරාටා හෝ tortilla wraps කුඩා කැබලි කපා ගන්න. 
බාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා රත් කරන්න.
එයට රට ලූනු, අමු මිරිස්, සුදු ලුනු සහ ඉඟුරු දමා ටිකක් බැද ගන්න.
ඉන්පසු බිත්තර දමා හොඳින් මිශ්‍ර කරන්න.
බිත්තරත් බැදීගෙන එනවිට මිරිස් කෑලි කුඩු, සොයා සෝස්, ඔයිස්ටර් සෝස් දමා කවලම් කරන්න.
එයට කපා ගත් එළවලු දමා බදින්න.
ඒ අතර තුර උයාගත් කුකුල් මස් කෑලි දමා කවලම් කරන්න.
ඉන්පසු එයට කුඩාවට කපා ගත් ගෝදම්බ රොටි/පරාටා/හෝ tortilla wraps කැබලි ටික සහ මස් හොදි අවශ්‍ය පමණ දමා හොඳින් කවලම් කරන්න. 
රස අනුව ලුණු දමා කවලම් කර ලිපෙන් බාන්න. 
උනූ උනුවේම මස් හොදි සමග සංග්‍රහ කරන්න.

මතීෂ චාමර අමරසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් කොත්තු රොටී
මතීෂ චාමර අමරසේකර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2102
දියබත්
By Ishara Sajani Kavinga
Views - 777
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1241
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2145
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1670
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 10694
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10261
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10121
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7130
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7109
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'