katatarasata.com

 

 

අර්තාපල් සලාදය

- උදේනි ලියන ආරච්චි විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -
අර්තාපල් 500g 
චීස් 250g 
බී ළුණු ගෙඩියක් 
තක්කාලි ගෙඩියක් 
රතු බෙල් පෙපර්ස් ටිකක් 
කොත්තමල්ලි / පාස්ලී කොළ ටිකක් 
ලෙමන් යුෂ 
ගම්මිරිස් කැබලි ටිකක් 
ලුණු කුඩු 
mayonnaise මේස හැන්දක්
olive oil තේ හැන්දක් 

සාදන ක්‍රමය -
මුලින්ම අර්තාපල් ටික ලුණු දමා තැම්බෙන්න තියන්න. තැම්බුන පසු පොතු ඉවත් කර පොඩි කොටුවට කපන්න. චීස් ටිකත් ඒ ප්‍රමාණයටම කොටු කපන්න. ළුණු , පෙපර්ස් ,තක්කාලි ඊට වැඩ පොඩියට කොටුවට කපන්න . කොත්තමල්ලි / පාස්ලී කොළ ටික ඉතා සිහින්ව කපන්න . ( මම දැම්මේ පාස්ලී කොළ . ගෙදර වවල තියෙන නිසා පහසුයි.) ඊට පස්සේ ඒකට රස අනුව ලුණු, ගම්මිරිස්, ලෙමන් යුෂ දාල mayonnaise ටිකත් දාල අල ටික පොඩි නොවන සේ අනා ගන්න . olive oil අවශ්‍ය නම් විතරක් දාන්න . නැතුවත් රසයි. mayonnaise නැති අයට ඒ වෙනුවට අබකුඩු හෝ අබ cream චුට්ටක් දාල , curd හෝ yogurt චුට්ටක් දාල අනා ගන්න පුළුවන්..

උදේනි ලියන ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


නෙළුම් අල සම්බෝලය
උදේනි ලියන ආරච්චි

කෙසෙල් මුව සීනි සම්බලය
උදේනි ලියන ආරච්චි

අර්තාපල් සලාදය
උදේනි ලියන ආරච්චි

නෙළුම් අල වෑන්ජනය
උදේනි ලියන ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 286
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 238
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 268
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 148
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 474
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7113
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6555
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5436
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4779
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4736
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'