katatarasata.com

 

 

ජලෙබි

- ශාමිලා කෝසලී විසිණි.



බොහෝ දකුණු ආසියානු රටවල අතුරැපසක් ලෙස කෑමට ගන්නා මෙය තේ වෙලාවටද රසකැවිල්ලක් ලෙස භාවිතා කල හැකියි..රාමසාන් ,දීවාලි උත්සව වලට නැතිවම බැරි රස කැවිල්ලක් වන අතර උනුවෙන් හෝ සීත කර කෑමට ගත හැකියි.. උතුරැ ඉන්දියානුවන් මෙය මීකිරි සමග ද කෑමට ගනියි.

සාදන ආකාරය

මුලින්ම සීනි සිරප්

සීනි කප් දෙකක්
වතුර කප් දෙකක්
සැෆ්රන් රේණු කීපයක් (අත්‍යවශ්‍ය නොවේ)
තැඹිලි පාට ෆුඩ් කලරින් බිංදු කීපයක්

සීනි හා වතුර ලිප තබා උතුරන විට කලරින් සහ සැෆ්රන් දමා කලවම් කරන්න..ගනට සිරප් එක සකසා නොගත යුතුයි..දිවේ ගා බැලු විට වතුර රස නැතිව පැනිරස තිබෙන පදම නිවැරදිය..ජලෙබි සකසා අවසන් වන තුරැ පැනි උනුවෙන් තබාගත යුතුයි..

ජලෙබි පිටි මිශුනය

පිටි කප් 1 1/2
මී කිරි තේ හැදි 4
බේකින් පවුඩර් තේ හැදි 1 1/2
ලුනු ඉතා ස්වල්පයක්
වතුර

වතුර හැර සියල්ල හොදින් කලවම් කරන්න.දැන් වතුර ටික ටික එක් කරමින් ගන මිශුනයක් සකසා ගන්න..තෝසෙ මිශුනයට වඩා ගනට..මේ සදහා whisk එකක් බාවිත කිරීමෙන් කැටි නොගැසී මිශු කරගත හැකියි..

දැන් රූප වල ආකාරයට සෝස් බෝතලයකට (ketchup bottle) මෙය පුරවා ඉතා මද ගින්දරේ රත්කරගත් තෙල් වලට රවුමට මිරිකා ගන්න..

එකවර දෙක තුනක් මිරිකා ගත හැකි තාච්චියක් ගතහොත් තෙල් අධිකව රත් වීමට පෙර සකසා ගැනීමට පහසුයි...තෙල් අඩුගින්දරේ තබා ගැනීම කල යුතුයි..

ඉන් පසු දෙපැත්ත කහ පැහැයට බැදුනු ජලෙබි මද ගින්නේ රත්වෙන සිනි සිරප් එකට දා ගෙන විනාඩි දෙක තුනක් පොගවා බාජනයක අසුරා ගන්න..ලස්සන තැඹිලි පැහැ ජලෙබි ලැබේවි..

ශාමිලා කෝසලී ගේ වෙනත් කෑම වට්ටෝරු


මසාලා අල බැදුම
ශාමිලා කෝසලී

ඉන්දියානු ක්‍රමයට පරිප්පු තෙම්පරාදුවක් / ඩාල් තඩ්කා
ශාමිලා කෝසලී

ජලෙබි
ශාමිලා කෝසලී

චෙට්ටිනාඩ් චිකන් බිරියානි
ශාමිලා කෝසලී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2288
දියබත්
By Ishara Sajani Kavinga
Views - 870
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1326
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2292
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1789
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11047
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10444
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10363
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7281
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7252
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'