katatarasata.com

 

 

පොලොස් - Young jackfruit curry

- විශ්මි විසිණි.



මුලින්ම පොඩි ටිප් එකක් දෙන්නම්.... පොලොස් කපද්දි පිහිය පුරාම කොහොල්ලෑ ගා ගන්නෙ නැතුව කපන්න නම් මුලින්ම පිහි තලේ හොඳට පොල් තෙල් ටිකක් ගා ගන්න... චොපින් බෝඩ් එකට පත්තර පිටුවක් ඔතල ඒක ඝණකම ඉටි කවරෙකින් ඔතා ගත්ත නම් කොහොල්ලෑ නාගන්නෙ නැතුව පොලොස් ටික කපා ගෙන අස් කරගන්න පුළුවන්...

දැන් හදමු...

පොලොස් කපන්න දන්නවනෙ... උඩ නාරටිය කපලා යටි පැත්තෙන් ඉරි ගහල පොඩියට කපාගන්න... මම පොලොස් ටිකක් පොඩියටම තමා කපන්නෙ ලොකු කෑලි නැතුව... පහේ රස හොඩට අල්ලන්න... මොකද මං පහේ ගොඩක් දාන්නේ නෑ දාන ටික පොලොස් වලට අල්ල ගන්නව පොඩියට කැපුවම... 

කපාගත්තු පොලොස් වලට දිය කිරි, ලුණු පෝඩ්ඩක්, සියඹලා ඇට ටිකක් දාල තම්බ ගන්න හොඳට... දිය කිරි හිඳුනට කමක් නෑ...

පොලොස් තැම්බුනාම වෙනම මැටි හට්ටියකට තෙල් ටිකක් දාලා ඒකට ලූනු, සුදු ලූනු, රම්පෙ, කරපිංචා, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු දාල තෙම්පරාදු කරගන්න... සුවඳ එනකම්...

ඒකට මිරිස් කුඩු, බැදපු තුනපහ එකට එක දාල ලුණු දාල තෙලේ බැදෙන්න අරින්න... ටිකක් බැදුනම ඒකටම උම්බලකඩ දාල තම්බ ගත්තු පොලොස් ටික එකතු කරල කලවම් කරන් උකු පොල් කිරි පොලොස් වැහෙන ගාණට දාල අඩුම ගින්දරේ හින්දගන්න.... කලින් දාපු ඇඹුල් මදි වගේ නම් මිටි කිරි එක්ක තව සියඹලා ඉස්ම ටිකක් දාගන්න.... 

මං පොලොස් වලට ගොරකා දැම්මෙ නෑ ගෑස් ප්‍රශ්න නිසා... අනික පොලොස් ටික සියඹලා දැම්මම මෙලෙකට එනව... මේක දර ලිපක හදනව නම් තමා නියම රස...

විශ්මි ගේ වෙනත් කෑම වට්ටෝරු


සුදු ළූණු කළු කරිය
විශ්මි

පොලොස්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 32
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 52
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 36
පාන්
By Priyanthi Tissera
Views - 39
පාන්
By Hasintha Madushan
Views - 41
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18800
පෑන් කේක්
By Indunee Welivita
Views - 16101
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16059
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15326
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11549
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'